වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලම්පිටිය, වෙන්නවත්ත, රණතුර මාවතේ දී මොවුන් දෙදෙනා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 100 මිලිග්‍රෑම් 983ක් සමග අත්අඩංගුවට ගැනුණා. සැකකාර තරුණයා 27 වන වියේ පසුවන අතර කාන්තාව 45 වන වියේ පසුවනවා.
අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියනකට අධික බවයි පොලිසිය පවසන්නේ. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකළා. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.