ගොයම් කැපීමෙන් අනතුරුව අත්හදා බැලීමක් ලෙස සිදු කළ ඉපනැල්ලේ මුං වගාවෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා. එය තවදුරටත් පුළුල් කිරීමටයි ගොවිජන සේවා නිලධාරීන් තීරණය කර ඇත්තේ.
රජය හඳුන්වා දුන් වගා සංග්‍රාමයට සමගාමීව වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව තබ්බෝව ව්‍යාපාරයේ මෙම මුං වගාව ආරම්භ කළා. වී අස්වැන්න නෙලීමෙන් අනතුරුව ඉපනැල්ල සහිත කුඹුරුවල මුං වගාව ක්‍රියාවට නැංවුණේ 2020 යල කන්නය අවසන් වීමත් සමගයි. ගොවීන් 250 දෙනෙකුගේ සහභාගීත්වය ඇතිව අක්කර 400 ක වගා කළ එම මුං වගාවේ අස්වැන්න නෙලීම ආරම්භ කෙරුණේ දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. රසායනික පොහොර හෝ කෘමි නාශක භාවිතයෙන් තොරව සිදු කළ මෙම වගාවෙන් ඉහළ අස්වැන්නක් ලැබෙමින් පවතින බව පුත්තලම දිස්ත්‍රික් සහකාර ගොවිජන අධ්යක්ෂ පාලිත සේනාධීර මහතා සඳහන් කළා.
.