පාලනය කර ගත නොහැකිව සීග්‍රයෙන් ව්‍යාප්ත වන කැලිෆෝනියාවේ ලැව් ගිනි හේතුවෙන් තවත් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අසූ දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. කැලිෆෝනියාවේ සහ වොෂින්ටන් නුවර නගර ගණනාවක් ගින්න හේතුවෙන් මුළුමනින්ම විනාශයට පත් වූ බව ඊයේ මාධ්‍ය වාර්තා කළා. ගින්නට හසුවීමෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගින්න නිවා දැමීමේ සහ විපතට පත් පිරිස් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.