අධික වර්ශාවත් සමඟ හැමිල්ටන් ඇල පිටාර ගැලීම හේතුවෙන් නාත්තණ්ඩිය මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
හැමිල්ටන් ඇල නාත්තණ්ඩිය ප්‍රදේශයෙන් පිටාර ගැලීමට ලක්ව ඇති අතර නිවාස රැසක්ද ජලයෙන් යටව පවතිනවා. එම නිවාසවල සිටි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. ඔවුන්ට අවශ්‍ය සහන සැළසීමට පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.