fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මා දැල් හිමියන්ගේ ගැටළු විසදීමට කමිටුවක් පත්කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2020 09:42

සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ ධීවර සංස්ථා නියෝජිත පිරිසක් සමඟ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ධිවර අමාත්‍යංශයේදි මාදැල් හිමියන්ට බලපාන ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදි ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රධාන ඉල්ලීම් 06ක් සම්බන්ධව අමාත්‍යවරයා අවශ්‍ය විසදුම් ලබාදීම සදහා අමාත්‍යංශ නිළධාරීන්ගෙන් හා මෙම මාදැල් හිමියන්ගේ ධිවර සමුපකාර සමිතිවල නියෝජිතයින් ඇතුළත් කමිටුවක් පත්කිරීමට තීරණය කළේය.

එම කමිටුව විසින් මාදැල් හිමියන්ගේ සමුපකාර සංගමයේ මෙම වර්ෂයේ සම්මේලනය ඉදිරිමාස දෙක තුළ පැවැත්වෙන මාදැල් හිමියන්ගේ ධීවර සමුපකාර සමිතියේ වාර්ෂික සම්මේලනයට ප්‍රථමව විසදුමක් යෝජනා කිරීමටත්, එම විසදුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කිරීමටත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මෙම ඉල්ලිම් අතර ප්‍රධානතම ඉල්ලීමක් වන්නේ 1984 ගැසට් කරණ ලද මාදැල් ධීවර නියෝග වත්මන් යුගයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමට කඩිනමින් අවශ්‍ය කටයුතු යොදා නව මාදැල් ධීවර නියෝග ප්‍රකාශයට පත්කිරීම වේ.

කමිටු වාර්තාව ලැබු විගසම අවශ්‍ය පියවර ගන්නාබව අමාත්‍යවරයා විසින් මාදැල් හිමියන්ගේ සංගමයට පොරොන්දු විය.

මෙම සාකච්ඡාව සඳහා මාදැල් හිමියන්ගේ සමුපකාර සමිතියේ සභාපති ලෙස්ටර් නොනීස් පියතුමා,ලේකම් ස්ටැන්ලි පීරිස්මහතා,භාණ්ඩාගාරික සෙබියස් ප්‍රනාන්දු මහතා හා ධීවර දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ හා නියොජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් කහවත්ත මහතා, අමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් කේ.දයානන්දා මහතා ඇතුලු පිරිස සහභාගි විය.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2020 09:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්