බොලිවුඩ් නළු සුශාන්ත්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට
Related Articles
ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු වූ සුශාන්ත් සිං රාජ්පුට්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතියව සිටි රියා චක්‍රබෝර්ති ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇයගේ දුරකතනයේ සමාජ මාධ්‍ය හරහා හුවමාරුවී ඇති පණිවුඩ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ සහ දවස් තුනක් පුරා සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මීට පෙර ඇයගේ සහෝදරයා ද සුශාන්ත් සිංගේ කළමනාකරු ද අත්අඩංගුවට ගත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා යටතේයි. රාජ්පුට්ගේ මළ සිරුර ඔහු ජීවත් වූ මහල් නිවසේ තිබී ජුනි 14 වනදා සොයාගෙන තිබෙනවා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.