යුද හමුදාවේ උසස් නිලධාරියෙකුගේ රියදුරෙකු වශයෙන් කටයුතු කරමින් කේරළ ගංජා අලෙවි කළ යුද හමුදා රියදුරෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මතුගම වැලිපැන්න මීගම මංසන්ධියේදී පොලිසිය සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට පත් වුණා. හමුදා සෙබළා ගමන් ගත් යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී යුද හමුදා හැදුනුම්පත පෙන්වා පළා යාමට උත්සාහ දරා ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
තවදුරටත් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා ග්රෑම් සියයක් ඔහු සගවා ගෙන සිටි බව හෙළි වුණා.
මේ අතර කළුතර බන්ධනාගාරයේ සිට දුරකතන මාර්ගයෙන් මෙහෙය වූ මහා පරිමාණ හෙරොයින් ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් තුනයි මිලිග්රෑම් හයසියයක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. සැකකරුවන් මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.