ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
කාබුල් නුවරදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් උප ජනාධිපති අමිරුල්ලා සලෙයිහට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. උප ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂකයින් ගමන් ගත් රථ පෙළක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ලවී තිබෙනවා. එහිදී උප ජනාධිපතිවරයාගේ ආරක්ෂකයෙකු ඇතුළු 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.