හන්තාන පරිසර ආරක්ෂණ කලාපයේ අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයකට ගිනි තබා විනාශ කළ පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා පවසනවා.
ගිනි ගැනීමෙන් හානි සිදු වූ ප්‍රදේශය දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. හන්තාන සුරැකීමේ සංවිධානයේ නිලධාරීන්ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වුණා. ජෛව විවිධත්වයෙන් ඉහළ ප්‍රදේශයකයි මෙම ගිනි තැබීම සිදුකර ඇත්තේ. මෙම ප්‍රදේශය මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ සහ විවිධ අපචාරකරුවන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති බවද හන්තාන සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් අමිත් සේනානායක මහතා සඳහන් කළා. අනවසරයෙන් ඉඩම් අල්ලා ගැනීම සඳහා ගිනි තැබීම් සිදුකර ඇති බව හැගී යන බවයි ඒ මහතා කියා සිටියේ.