කෝවිඩ් නයින්ටීන් හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 27,743,029 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 19,834,062ක්. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 901,928 ක් වාර්තා වනවා.
රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213 ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
මසක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තාවූ අතර ගෙවීගිය දින කිහිපය තුළ අඛණ්ඩව එරට ආසාදිත මරණ සංඛ්‍යාව දහස ඉක්මවා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඊයේ දිනයේ දී එරට දෛනික ආසාදිත අගය හැත්තැපන්දහසේ සීමාව ඉක්මවා ගිය අතර එය මෙම සතියේ අඩුම දෛනික ආසාදිත සංඛ්‍යාව වීම ද විශේෂත්වයක්.
මේ අතර ඉන්දියාවේ වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත් ටජ්මහල වසාදමා මාස හයකට පසුව නැවත එය විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.