fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙළඳපොළේ රු 700ක එළවළු මල්ල රු 350 ක සහන මිලකට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2020 17:59

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ සෞභාග්‍යයේ දැක්ම ’ යථාර්ථයක් කරමින් ගොවි ජනතාව සහ පාරිභෝගික ප්‍රජාව යන අංශ දෙකටම සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් ගොවිජනතාවගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන අතර පාරිභෝගිකයාට ද සහන මිලකට එළවළු මිලදී ගැනීමට අවස්ථාවක් හිමි වේ.

කැරට් ,ලංකා අර්තාපල්, බීට්, තක්කාලි ,ලීක්ස් සහ නෝකෝල් යන එළවළු වර්ග 6කින් සමන්විත එළවළු මල්ලේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් 700ක් වන අතර අතරමැදියන්ගෙන් තොරව සෘජුවම අස්වැන්න මිලදී ගැනීමේ වාසිය පාරිභෝගිකයාට හිමි වන නිසා එළවළු මල්ල රුපියල් 350ක් වැනි සහන මිලකට මිලදී ගැනීමට හැකි වේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2020 17:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33