වෛද්‍ය පීඨවලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට තීරණය කෙරේ
Related Articles
රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 350 කින් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා.
වෛද්‍ය පීඨවලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ තීරණය අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ගැනුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙන විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලබන සියලු දෙනාට උපාධියක් හෝ උපාධියක් දක්වා යාමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීමේ ඉලක්කය අනුවයි. රජයේ විශ්වවිද්‍යාලවලට එකවර වැඩිපුර සිසුන් 350 ක් පමණ ඇතුළත් කර ගැනෙන්නේ ප්‍රථම වරටයි.