මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්රදේශයේදී නීති විරෝධීව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්රියා කළා. නීති විරෝධී මත් පැන් හා ඒවා නිෂ්පාදනය සඳහා යොදා ගත් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගැනුණා. සැකකරුවන් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර විදේශයක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් බලපත්ර නොමැතිව ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු ඇල්පිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කළ වැටලීමකදීයි ගිනි අවිය අත්අඩංගුවට ගැනුණේ.
යාපනය ඉලවාලේ ප්රදේශයේ විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී පැරණි කඩු 3 ක් , කඩු කොපුවක් හා මුගුරක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කඩු විකිණීමට ඔහු උත්සාහ දැරූ බවයි පොලීසිය පවසන්නේ.