වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති නායයාම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ධීවර කටයුතු වලින් වැලකී සිටින ලෙසයි තව දුරටත් දැනුවත් කෙරෙන්නේ.
ඊයේ දිනය පුරා ඇද හැලුණු අධික වර්ෂාවෙන් දිවයිනේ පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. බොහෝ ප්‍රදේශවල ගස් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට මෙන්ම විදුලි රැහැන් පද්ධතිවලට ද අලාභ හානි සිදුව තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව ප්‍රකාශ කරන්නේ.
දැඩි වර්ෂාවත් සමග ඇතිවූ තද සුළං හේතුවෙන් බලංගොඩ පින්නවල, අටවක්වෙල, ශ්‍රී සුගතාරාම පුරාණ විහාරයේ බෝධීන් වහන්සේ කඩා වැටීමෙන් අවට තිබූ ගොඩනැගිලි කිහිපයකටද හානි සිදුවී තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායායාමේ අනතුරු ඇඟවීම් නිවේදන හෙට දිනය දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව කොළඹ කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නායයාම් නිවේදන බල පැවැත්වෙනු ඇති. මධ්‍යම කඳුකරයට ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ස්ථාන කිහිපයක කඳු කඩා වැටීම් සිදුව තිබෙනවා. ඇතැම් ප්‍රදේශවලට නායයෑමේ අවදානමක්ද පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවසන්නේ.
වැසි සහ සුළං තත්ත්වයේ අඩු වීමක් සිදුවුවද මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නා බැවින් ධීවර කටයුතු වලින් වැලකී සිටින ලෙස ධීවර ජනතාව දැනුවත් කෙරුණා.
ධීවර ජනතාවට ලබාදුන් උපදෙස් වලට අනුව බෙහෝ ප්‍රදේශවල ධීවර ජනතාව එම කටයුතු වලින් වැලකී සිටින ආකාරය දැකගත හැකිවුණා. කෙසේ වෙතත් ලබාදී ඇති උපදෙස් නෙතකා ධීවර කටයුතු සඳහා වැලිගම කප්පරතොට ප්‍ර දේශයෙන් පිටත්ව ගිය ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී අනතුරට ලක්ව තිබෙනවා. එහි සිටි පිරිස පීනාවිත් ගොඩබිමට පැමිණ ඇති අතර ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගත් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් කාර්යාලය පවසනවා.