බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය ලබන මස 1 වනදා සිට ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා.
බුද්ධ ශාසන අරමුදලේ 84 වන පාලක මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ස්වාමින්වහන්සේ පහළොස් දහසක් ආවරණය වන පරිදියි බුදු පුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන්නේ. ඒ සඳහා බුද්ධ ශාසන අරමුදලින් රුපියල් මිලියන 40 ක මුදලක් ලබා දෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේ. ඊට අමතරව මෙම අරමුදල සඳහා රජයෙන් රුපියල් මිලියන 50 ක මුදලක් ලබා දෙනවා. වයස අවුරුදු 100 ට වැඩි ස්වාමීන්වහන්සේ වෙනුවෙන් පමණක් ලබා දුන් වෛද්‍ය ගාස්තු හා රැක බලා ගැනිමේ ක්‍රමවේදය අවුරුදු 90 සීමාව දක්වා ගෙන එන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නා. වසර 3 ක කාලයකට සාමණේර ස්වාමීන්වහන්සේට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 800 සිට 1500 දක්වා ඉහළ නැංවෙනු ඇති. රුපියල් 750ක්ව පැවති එම ශිෂ්‍යත්ව මුදල රුපියල් දහස දක්වා ඉහළ නැංවීමට ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. මෙම අරමුදල වැඩිදියුණු කිරීම සඳහා තවත් තීරණ රැසක් ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේ.