fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සරසවිය ස්කෝප් සිනමා සොම්නස චිත්‍රපට උළෙල ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2020 11:51

සරසවිය ස්කෝප් සිනමා සොම්නස චිත්‍රපට උළෙල මේ දිනවල පැවැත්වෙනවා.

ස්කෝප් සිනමා හා සරසවි පුවත්පත එක්වයි මෙම චිත්‍රපට උළෙල සංවිධාන කරන්නේ. තිරගත නොවූ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය මේ යටතේ සිදු කෙරෙනවා. ඒ ලිබර්ටි සිනමා ශාලාවේදීයි. දිනපතා දර්ශන තුන බැගින් ලබන 9 වනදා තෙක් මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ අනුව ඊයේ දිනයේදී තිරගත කෙරුණේ චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ යුගාත්‍රා චිත්‍රපටයයි. මොහාන් නියාස්ගේ ශ්‍රී වික්‍රම චිත්‍රපටය අද දිනයේදී තිරගත වනවා. සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂණය කල මිස් ජෙනිස් හෙට දිනයේදී තිර ගත වීමට නියමිතයි. අනිද්දා දිනයේදී තිරගතවීමට නියමිතව තිබෙන්නේ උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී 03 චිත්‍රපටයයි. තවම මහජන ප්‍රදර්ශනය ආරම්භ නොකළ මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන අවස්ථාවන්ට ඒවායෙහි ප්‍රධාන නළු නිලියන් ද සහභාගී වීම විශේෂත්වයක්.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2020 11:51

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්