fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය වැටලීම් 635ක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2020 12:23

බස්නාහිර පළාතේ ඊයේ පෙරවරු 6.00 සිට අද අලුයම 5.00 දක්වා මත්ද්‍රව්‍ය වැටලීම් 635 ක් සිදුකර සැකකරුවන් 637 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශය මඟින් මේ යටතේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ මොරටුව සහ ගල්කිස්ස යන ප්‍රදේශවලදීයි.

අගුලාන සයුර පුර මහල්නිවාස සංකීරණය අසළ දී 58 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් මිලිග්‍රෑම් දසදහස් එකසිය අසූවක් ද සමඟයි. මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මත්ද්‍රව්‍ය රැගෙන අලෙවි කිරීමේ කාර්යයෙහි මොහු නිරතව ඇති බවයි හෙළිව තිබෙන්නේ.

මේ අතර විශේෂ කාර්ය බලකාය බොරලැස්ගමුව නගරයේ වැටලීමක් සිදුකළා. එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවෙකු සහ  සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. එක් කාන්තාවක හෙරොයින් ළඟ තබාගෙන සිට ඇති අතර හෙරොයින් ප්‍රවාහනය අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකාරියක සහ සැකකරුවෙකු අත්අඩංගුවට පත්වුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2020 12:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්