කමල් ගුණරත්නගේ කෘති 2ක් ජනගත කෙරේ
Related Articles
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා රචනා කළ කෘති දෙකක් ඊයේ ජනගත කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදීයී.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත පාතාලය නව කතාව සහ ගෝඨාභය ග්‍රන්ථයේ ඉංග්‍රීසි අනුවර්තනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වුවා. සත්‍ය සිද්ධීන් සමුදායක් පදනම් කරගෙන පාතාලයේ නව කතාව රචනා කර තිබෙනවා. ගෝඨාභය සිංහල කෘතිය පසුගිය වසරේ එළිදැක්වුණු අතර මෙවර එළිදැක්වුණේ එහි ඉංග්‍රීසි අනුවර්ථනයයි. කමල් ගුණරත්න මහතා මීට පෙර රණමඟ ඔස්සේ නන්දිකඩාල් නමන් සිංහල භාෂාවෙනුත්, රෝඩ් ටු නන්දිකඩාල් ඉංග්‍රීසි අනුවර්ථනය ඇතුළු ග්රන්ථ 05ක් රචනා කර තිබෙනවා. ඊයේ එළිදැක්වුණේ ඒ මහතා රචනා කළ 06 වන සහ 07 වන ග්රන්ථ ද්විත්වයයි. කෘති ද්විත්වයෙන් පළමු පිටපත් ශ්‍රී කල්යානි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ ප්රමුඛ මහාසංඝරත්නය වෙත ද පිලිගැන්වුවා. අනතුරුවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කෘති පිළිගැන්වුවේ. කමල් ගුණරත්න මහතා හමුදා ජීවිතයේ ගුරුවරුන් ලෙස සළකන මවුබිම වෙනුවෙන් දිවිපිදූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරාල් විජය විමලරත්න යන මහත්වරුන් වෙනුවෙන් එම මහත්මීන් වෙත කෘති පිටපත් පිළිගැන්වීම ද විශේෂත්වයත්. කමල් ගුණරත්න මහතාගේ ජන්ම දිනයද ඊයේට යෙදී තිබුණා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.