fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවසක් මතට තාප්පයක් සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් තරුණියක ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2020 09:13

කඩුවෙල කොතලාවල පාසල් මාවතේ අලුතින් ඉදිකළ තාප්පයක් සමඟ පස් කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් එහි සිටි තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගොස් ඇත්තේ 29 හැවිරිදි තරුණියක්. අනතුරෙන් ඇයගේ මව සහ සොහොයුරන් දෙදෙනාද තුවාල ලබා තිබෙනවා. අසාද්‍ය තත්ත්වයේ පසු වන මව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටිනවා. අවිධිමත් පස් පෙරලීමක් නිසා අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණයට කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතාද පැමිණ සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2020 09:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්