වැලිකඩ බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ඇතුලු තහනම් භාණ්ඩ ඇතුළත් කුඩා බෝලයක් විසි කිරීමට සූදානමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බන්ධනාගාරයට විසි කිරීමට සූදානම් කර තිබූ බෝලය තුළ හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 735 ක් , ජංගම දුරකථන බැටරි 10 ක් හා රුපියල් තිස්හයදහසක මුදල් තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ. අද පෙරවරුවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී ලැබුණු තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව හෙළිවී ඇත්තේ කලක සිට මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකර ඇති බවයි. පොලිස් අපරාධ කොට්ඨාසය සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන අතර තවත් තොරතුරු රැසක් ඔහුගෙන් හෙළිකර ගැනීමට නියමිතයි.