බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට එරෙහිව උද්ඝෝෂණ ඉහළ යමින් තිබෙනවා.
පසුගිය සති 04 ක කාලය මුළුල්ලේ බෙලරුස්හි මින්ස්ක් නගරයේදී ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වුණා. උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටි බවයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ. උද්ඝෝෂකයන් පවසන්නේ පසුගිය මස 09 වනදා පැවති ජනාධිපතිවරණය ලුකෂෙන්කෝ වංචනික ලෙස ජයග්‍රහණය කළ බවයි. ඔහු 1994 වසරේ සිට බෙලරුස් රාජ්‍ය පාලනය කරනවා. බටහිර රටවල්වල බලපෑම් මත උද්ඝෝෂකයන් කටයුතු කරන බවයි ලුකෂෙන්කෝ චෝදනා කරන්නේ.