වීරකැටිය ගෝනදෙණිය රක්ෂිතයේ ගින්නක් ඇතිවුණා. මේ වන විට ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට හැකිවී තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
ශ්රී ලංකා ගුවන් හමුදාව . යුද හමුදාව . වීරකැටිය පොලිසිය සහ ගම්වාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කෙරුණා. අක්කර 5කට ආසන්න ප්රදේශයක් ගින්නෙන් හානියට පත්ව ඇති බවයි අප වාර්තා කරුවන් සඳහන් කළේ. ගින්න ඇතිවූ ආකාරය පිළිබද මේ වන විට පරික්ෂණ පැවැත්වෙනවා.