fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුළිකුණාටුවක් නිසා ජපානයේ විසිදහසක් වාසස්ථානවලින් ඉවත් කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2020 14:40

ජපානය හරහා හමා යාමට නියමිත හයිෂෙන් සුළිකුණාටුව නිසා පුද්ගලයින් විසිදහසක් සිය වාසස්ථානවලින් ඉවත් කිරීමට ජපාන බලධාරීන් කටයුතු කර තිබෙනවා.

අද දිනය තුළ හයිෂෙන් සුළිකුණාටුව තීව්‍රර වනු ඇති බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ. පවතින අයහපත් කාලගුණය සමග ජපානයට දැඩි වර්ෂාවක් සහ පැයට කිලෝමීටර 160කට වැඩි වේගයෙන් යුතු සුළං බලාපොරොත්තු වන බවද කාලගුණ අංශ දන්වා සිටියා. ජපානයේ බටහිර දිග ප්‍රදේශවල කර්මාන්ත ශාලා, පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට ද කටයුතු යෙදා ඇති බවයි වාර්තාවන්නේ. මෙම සුළි කුණාටුව හෙට දිනය වන විට දකුණු කොරියාවට ද බලපානු ඇති බවට අනාවැකි පළකර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2020 14:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්