මතුගම ප්රදේශයේ ප්රබල පාතාලකල්ලි සමාජිකයෙකුගේ සමීපතමයෙකු දකුණු කළුතර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළුතර සෙන්ට්රල් හන්දිය අබයමාවත ප්රදේශයේ නිවසක සැඟවී සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. එම නිවසේ තිබී ගුවන්යානා නාශක උණ්ඩ තුනක් , අත්බෝම්බ යොදන ආවරණයක්, කේරළ ගංජා සහ යුද හමුදා ඇදුමට සමාන බෑගයක් සොයා ගැනීමට හැකිවුණා. මොරටුව ප්ර දේශයේ ළමා අපචාර සිද්ධියකට ද මෙම පුද්ගලයා සම්බන්ධ බවයි පොලිසිය සඳහන් කළේ.