ඌරගස්මංහන්දිය පොලිසියට ලැබුණු තොරතුරක් මත හෙරොයින් සමඟ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මැන්ඩෝරාවල සහ අඹගස්හන්දිය ප්‍ර දේශවලදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක් ද සිටිනවා. ඇය සතුව තිබී රුපියල් තුන් ලක්ෂ අනූපන්දහසක මුදලක් සහ හෙරොයින් පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඊෂිකෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම සිදුකර තිබෙනාව. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 424 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පානදුර දකුණ පොලිසිය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.