දිවයිනට නැගෙනහිර සංගමන්කන්ද ආසන්න මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.
එහෙත් සුලු ගිනි ගැනීම් තත්ත්වයක් තවමත් පවතිනවා. නැව ඈත මුහුදු ප්‍රදේශයට රැගෙනයාම සිදුවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/m_pT_7vEgsA”]
මේ වනවිට නිව් ඩයමන්ඩ් නෞකාව ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක දුරින් රදවා තිබෙනවා. ටග් යාත්‍රා භාවිත කරමින් ආරක්ෂිත මුහුදු කලාපයක් වෙත එම නෞකාව රැගෙන ගොස් ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ගොඩබිමේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවයි නාවික හමුදාව කියාසිටින්නේ. එමෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කරන්නේ ඊයේ (04) පස්වරු හත පමණ වනවිට නිව් ඩයමන්ඩ් නමැති මෙම නැවේ හටගත් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාව සමත් වූ බවයි.
ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ඔවුන්ගේ ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමිනුයි මෙය සදහන්කර තිබුණේ.
නෞකාව ගිනි ගැනීමට ලක්වූයේ පෙරේදා දිනයේදීයි. නෞකාවේ බොයිලේරුවක සිදුවූ පිපිරීමකින් ගින්න හටගෙන තිබෙනවා. නැව තුළ සිටි විසි දෙදෙනෙකු බේරා ගැනීමට හැකියාව ලැබුණු අතර ඉන් එක් අයෙකු බරපතල පිළිස්සුම් තුවාල සහිතව මේ වනවිට රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටිනවා.