නීති විරෝධී අයුරින් මෙරටට රැගෙන ආ බීඩිකොළ තොගයක් සමඟ සැකකරුවන් 6 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා.
ඉන්දියාවේ සිට ට්‍රෝලර් යාත්‍රාවකින් මේවා රැගෙන විත් මුහුදේදී කුඩා ධීවර යාත්‍රාවකට මාරු කර මාරවිල වෙරළ තීරයට රැගෙන විත් තිබෙනවා.
බීඩි කොළ රැගෙන යාමට ලොරි රථයකින් පැමිණි මාරවිල වෙරළ තීරයේ රැඳී සිටි පුද්ගලයන් 4 දෙනෙකු හා එම ලොරි රථය ද පොලිස් භාරයට ගැනුණා. බීඩිකොළ තොගය තිහාරිය ප්‍රදේශයට රැගෙන යාමටයි සැලසුම් කර තිබුණේ.