ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් කරමින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සංකල්පයක් අනුව දිවයින පුරා ජනතාවට සහන මිලට අළුත් මාළු මිලදී ගැනීමට පහසුකම් සළසමින් දිවයින පුරා මාළු අලෙවිසැල් ඇරඹීමට කටයුතු සංවිධානය කර ඇත.
එම වැඩසටහන අරඹමින් ඊයේ (03) ගොතටුව, වැලිකඩ පාරේ, අංක 21 දරන ස්ථානයේ නව මත්ස්‍ය වෙළදසැලක් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා දිවයින පුරා දුෂ්කර ප්‍රදේශවල ජනතාවට සහන මිලට මාළු මිලදී ගැනීම සදහා මෙවැනි වෙළදසැල් රැසක් ඇරඹීමට කටයුතු කරන බව පැවසීය.
මෙම අවස්ථාව සදහා ලංකා ධීවර සංස්ථාවේ සභාපති එස්.ඩබ්.එල් දවුලගල මහතා, ධීවර අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ සහ සංස්ථාවේ කළමණාකාර අධ්යක්ෂ ක්‍රිශාන්ත රත්නවීර යන මහත්වරුන් ද සහභාගී විය.