fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

61 වන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2020 12:50

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණා.

එම විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශය මෙම සම්මාන උලෙළ මෙවර සංවිධාන කළේ 61 වන වරටයි.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතායි. වසරේ ප්‍රශස්ථතම කෙටිකතා සංග්‍රහය සහ නවකතාවට හිමි සම්මාන ප්‍රවීණ සාහිත්‍යවේදී එරික් ඉලයප්පාරච්චි විසින් හිමිකර ගත්තා.

කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානය පිරිනැමුණේ අජිත් තිලකසේනයන්ගේ මොනතරම් අවුලක්ද කාව්‍ය සංග්‍රහයටයි.

අනුරසිරි හෙට්ටිගේ ගේ කොළඹ කතා සහ යසවර්ධන රොද්‍රිගුගේ යසයාගේ වාක්‍ය යන නිර්මාණ සම්මානයට පාත්‍ර වුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2020 12:50

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්