fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතාලියේ ප්‍රාන්ත 7ක මැතිවරණ මේ මස පැවැත්වීමට තීරණය කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2020 16:27

කෝවිඩ් වෛරස් ව්‍යාප්තිය මධ්‍යයේ ඉතාලියේ ප්‍රාන්ත හතක මැතිවරණ මේ මස විස්ස සහ විසිඑක යන දිනවල පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කෝවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දරුණු බලපෑමකට ලක්වූ ඉතාලිය මාස හතරකට ආසන්න කාලයකට පසු නැවතත් රට සාමාන්‍ය තත්ත්වයට පත්කරමින් දෛනික කටයුතු ආරම්භ කළා. නිරෝධායන නීති ලිහිල් කිරීමත් සමගින් ඉතාලිය නැවත වතාවක් වෛරස් ව්‍යාප්තියේ දෙවන රැල්ලට මුහුණපෑමට සිදුවුණා. කෙසේ වෙතත් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මධ්‍යයේ ප්‍රාන්ත හතක මැතිවරණ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර ඇති බව ඉතාලි රජය අද නිවේදනය කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2020 16:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්