fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දැරියන් 3 දෙනෙකු අපයෝජනයට ලක් කළ පාසල් මුරකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2020 16:14

5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් 3 දෙනෙකු අපයෝජනයට ලක් කළ පාසල් මුරකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ උපදෙස් යටතේ  ජාතික ළමාරක්‍ෂක අධිකාරිය සිදු කළ විමර්ශනයකින් පසුවයි.

කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකු ජාතික ළමාරක්‍ෂක අධිකාරියට ලිපියක් මගින් මෙම සිද්ධිය පිළිබඳ දැනුම් දී තිබෙනවා. එම අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සිදු කළ විමර්ශනයකදී පෙනී ගොස් ඇත්තේ අදාළ පාසලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් 3 දෙනෙකු අපයෝජනයට ලක්ව ඇති බවයි. එම සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට 39 හැවිරිදි පාසලේ මුරකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා. අදාළ මුරකරුවා අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. බාලවයස්කාර දැරියන් ලිංගික අතවරයට ලක් කිරිම සම්බන්ධයෙන් වන දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති යටතේ නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කෙරුණු බවයි ළමාරක්‍ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත දැරියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා දැරියන්ගෙන් මෙන්ම දෙමව්පියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. වින්දිත දැරියන් හා සැකකරු වෛද්‍ය පරික්‍ෂණ සඳහා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2020 16:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්