ඇමෙරිකා ජාතික ආරක්ෂක ඒජන්සිය මගින් මිලියන ගනනක ඇමෙරිකානුවන්ගේ දුරකතන දත්ත රහසිගත ලෙස පටිගත කිරීම නීතිවිරෝධී බවට එරට ෆෙඩරල් අභියාචනාධිකරණය අද තීන්දු කළා. ඒ, එරට හිටපු රහස් ඔත්තුසේවා නියෝජිතයෙකු වන එඩ්වඩ් ස්නෝඩන් කළ හෙළිදරව්වෙන් වසර හතකට පසුවයි. මේ ආකාරයෙන් ජනතාවගේ දුරකතන ඇමතුම් පටිගත කරමින් දත්ත එක්රැස් කරන බව ඇමෙරිකා ජාතික ආරක්ෂක ඒජන්සියේ සේවය කරමින් සිටි එඩ්වඩ් ස්නෝඩන් හෙළිදරව් කිරීමත් සමග ඔහු අපරාධකරුවෙකු ලෙස නම්කිරීමටයි ඇමෙරිකා රජය පියවර ගත්තේ. ඒ හේතුවෙන් එඩ්වඩ් ස්නෝඩන් 2013 වසරේ ඇමෙරිකාව අතහැර රුසියාවට පළාගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වසර හතකට පසුව ලැබුණු මෙම තීන්දුව සියල්ලන්ගේ පෞද්ගලික අයිවාසිකම්වල ජයග්‍රහණයක් බව ස්නෝඩන් මෙලෙස සිය ට්විටර් ගිණුමේ සඳහන්කර තිබුණා.