මසුන් මැරීමට යොදාගෙන තිබූ නීතිවිරෝධී කූඩු දැල් 350 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම කලපුවේ නිතිවිරෝධී ලෙස මසුන් මැරීම සඳහා යොදාගෙන තිබූ මෙම කූඩු දැල් 350 අත්අඩංගුවට ගැනුණේ නාවික හමුදාව සහ ධීවර නිලධාරින් කළ මෙහෙයුමකදීයී. අත්අඩංගුවට ගත් දැල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 ඉක්මවනවා. මෙම කූඩු දැල් භාවිත කර මසුන් මැරීමෙන් ඊට හසුවන කුඩා මත්ස්‍ය පැටවුන් විනාශ වීමේ තර්ජනයට ලක් වන බවයි ධීවර නිලධාරීන් පවසන්නේ. වැටලීම් සිදු කරන අවස්ථාවේ සැකකාර ධීවරයින් පලා ගොස් තිබුණා.