ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යන ආයතනවල පුනරාවර්තන වියදම් සදහා මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.
කෝවිඩ් වෛරසයේ බලපෑම හමුවේ මෙම ආයතනවල ආදායම අඩු වී වැටුප් හා සෙසු අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම අපහසු වී තිබෙනවා. ඒ හේතුවෙනුයි මේ මාසයේ සිට දෙසැම්බර් දක්වා අත්‍යවශ්‍ය පුනරාවර්තන වියදම් සදහා වන ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණේ .
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතායි මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ.
මෙම ආයතනවල ආදායම් වර්ධනය කරගැනීම සදහා උපාය මාර්ගික සැලසුම් සකස් කර ඊට මහා භාණ්ඩාගාරයේ එකගතාව ලබාගෙන ඒවා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවටද අමාත්‍ය මණ්ඩලය තීරණය කළා.