නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ කහ තොගයක් බේරුවල ධීවර වරායේදී අත්අඩංගුවට ගැණුනා.
මෙම කහ තොගය බහුදින ධීවර යාත්‍රාවක තිබී සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ රැගෙනවිත් තිබූ කහ කුඩු සහ කහ කෑලි ඇතුළත් ගෝනි පනහකට වැඩි සංඛ්‍යාවක් මෙසේ සොයා ගැණුනා.
වෙරළාරක්ෂක බලකාය, නාවික හමුදාව හා පොලිසිය එක්වයි වැටලීම සිදු කළේ. එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා. කහ තොගය පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුවට භාරදී තිබෙනවා.