fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අදත් පළාත් කිහිපයකට වැසි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2020 09:37

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු සහ තාවකාලික තද සුළං ඇති වේ.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකිය.

දෘශ්‍ය ලෙස සුර්යයා දකුණට ගමන් කිරීමේ දී, අගෝස්තු 28 වන දින සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී.

අද (03) දහවල් 12.09 ට කාක්කපල්ලිය, කටුපොත, ගුරුවෙල, විලේගම, මහඔය, තුම්පන්කෙනි සහ පලුකාමම් ප්‍රදේශයට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2020 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්