fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකාව සමඟ අලුත් ගමනක් යන්න අපි සූදානම් – ජපානය අගමැතිට සහතික වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2020 08:53

නව මානයකින් ශ්‍රී ලංකාව සමඟ සබදතා වර්ධනය කර ගැනීමට ජපානය සූදානමින් පසුවනවා. මෙරට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තවදුරටත් පූර්ණ සහාය ලබාදීමට ජපානය කැමැත්ත පළකරනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියාමා මහතා පසුගිය මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය හා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් සැබපැතුම් එක්කළා. නව්‍ය කොරෝනා ව්‍යසනය හමුවේ වුවද ශ්‍රී ලංකාව මහ මැතිවරණයක් පැවැත්වීම තුළින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය පැහැදැලිව පෙන්නුම්කරන බව තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

සියලු ශ්‍රී ලාංකිකයින්ට සුදුසු පානීය ජලය සැපයීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා. ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි ආධාර සැපයීමට ජපානයට හැකි බවද ඔහු කියාසිටියා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2020 08:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්