මාතර ප්‍රදේශයේ පාඨකයන් සදහා පොත්පත් පහසුවෙන් මිලදී ගැනීමේ අරමුණින් ෆාස්ට් පබ්ලිකේෂන් ආයතනය නව ශාඛාවක් මාතරදී ආරම්භ කළා.
මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ රාහුල මංසන්ධියට ආසන්නයේ පිහිටුවා ඇති මෙම පොත් මැදුර විවෘත කිරීම මහාචාර්ය සුනිල් ආරියරත්න විශාරද නන්දා මාලනී යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පාසැල් දරුවන්ට මෙන්ම පොත පත කියවන අනෙක් අය සඳහා ද විවිධ ග්රන්ථ මෙහි අඩංගු වනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න, ජයලත් මනෝරත්න සහ බුද්ධදාස ගලප්පත්ති යන මහත්වරුන් රචනා කළ දොළොස් මහේ පහන කෘතියේ දෙවන මුද්‍රණය වසර හතළිස් නවයකට පසු එළි දැක්වීමද මෙහිදී සිදු කෙරුණා. එම කෘතියේ පිටපත් ෆාස්ට් පබ්ලිකේෂන් ආයතනයේ අධිපති ප්‍රේම් දිසානායක මහතා කතුවරුන් වෙත පිරිනැමුවා. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ යන මහත්වරුන්, කලාකරුවන්, කතුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=LdbiqevJKkM&feature=youtu.be&fbclid=IwAR0VTGM-v2masFqTw0_LxyZ_59AuQwzqXrKJ8JMX1GEqxmKcZdzdMpd_dxc”]