ඇමෙරිකාවෙන් පමණක් වාර්තා වන සමස්ත කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 6 ඉක්මවා ගොස් තිබෙනවා.
අවසන් රෝගීන් මිලියනය වාර්තා වීමට ගතවී ඇත්තේ දින 22 ක් පමණක් වීම විශේෂත්වයක්. ගෝලීය දත්ත වලට අනුව මේ වන විට ඇමෙරිකාවෙන් වාර්තාවන සමස්ථ කෝවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ හැට දෙක සීමාව ද ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව සමස්ථ කෝවිඩ් ආසාදිතයින්ගෙන් හතරෙන් එකක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.