ඉන්දීය හිටපු ජනාධිපති ප්රනාබ් මුකර්ජි මහතාගේ අභාවය වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. හිටපු ජනාධිපති ප්රනාබ් මුකර්ජි මහතාට ගෞරව දැක්වීමක් වශයෙන් ඉන්දියා රජය මෙම ශෝක කාලය ප්‍රකාශයට පත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. සියලු විනෝදාස්වාද ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ප්‍රාන්ත ධජ අඩකුඹුකර තබන ලෙස එරට රජය සියලු ප්‍රාන්ත වෙත දැනුම් දී තිබෙනවා. දිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ඉන්දීය හිටපු ජනපති ප්රනාබ් මුකර්ජි මිය ගියා. මිය යන විට 84 වන වියේ පසුවුණා. ඔහුට කෝවිඩ් නයින්ටීන් වෛරසයද ආසාදනය වී සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.