මෙරට ඒඩ්ස් ආසාදිතයන් වැඩි පිරිසක් 19ත් 25 ත් වයසවල – 1,600ක් නිදැල්ලේ බවත් හෙළිවේ
Related Articles
මෙරට වයස අවුරුදු 19 ත් 25 ත් වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයින් අතර HIV ආසාදනය ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසන්නේ HIV ආසාදිතයින් 1,600 ක් පමණ නිදැල්ලේ හැසිරෙන බවයි.
ප්‍රධාන වශයෙන් අනාරක්ෂිත ලිංගික හැසිරීම් හේතුවෙන් HIV ආසාදනය වනවා. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලින් ඉහළ HIV ආසාදිත ප්‍රතිශතයක් වාර්තා වන බව ලිංගාශ්‍රිත රෝග ඒකකය පවසනවා. වැඩි පිරිසක් වාර්තා වන්නේ සමරිසි පිරිමි පුද්ගලයින් ලෙසයි.
HIV ආසාදිතයික්න් 2000 ක් පමණ සායනයන්හි ලියාපදිංචි වී ඇති අතර 1600 ක පමණ පිරිසක් මෙම අවදානම් තත්ත්වය නොදැන කටයුතු කරන බවයි විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසන්නේ. තම ආසාදිත තත්ත්වය පිළිබඳ අවදානම් තක්සේරුව සඳහා සමාජ මාධ්‍ය යෙදවුමක් හඳුන්වාදීමට ලිංගාශ්‍රිත රෝග ඒකකය කටයුතු කර තිබෙනවා. දිස්ත්‍රික් සායන මඟින් ද HIV සම්බන්ධයෙන් උපදෙස් ලබා ගත හැකියි. තොරතුරුවල රහස්‍ය භාවය 100%ක් සුරක්ෂිත බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පවසන්නේ.