අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 481 ක් සමඟ තුන් දෙනෙකු බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලැගුම්හලක මත්ද්‍රව්‍ය පානය කරන පිරිසක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ සිදුකරගෙන යන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබද තොරතුරු හෙළිව තිබෙනවා.
ඒ අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි බම්බලපිටිය පොලීසිය පවසන්නේ. බම්බලපිටිය දුම්රිය ස්ථානය ආශ්රිත ප්‍රදේශයේ සිදුකරගෙන ගොස් ඇති මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ ක්‍රියාත්මකයි.