දිනක් තුළ ඉන්දියාවෙන් හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (30) දිනයේදී වාර්තා වූ බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
ගතවූ පැය 24 ට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑනව දහස් හාරසිය පනස්හතක්. ඒ සමගම එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 36 ඉක්මවා තිබෙනවා.
ආර්ථිකය කඩාවැටීම වැළැක්වීම සදහා පනවා ඇති නීති ලිහිල් කිරීමත් සමගයි මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ.