fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනස් වාර්තා අතරට එක්වූ ලොව වයස්ගතම විවාහක යුවළ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2020 11:34

ලොව වයස්ගතම විවාහක යුවළ ලෙස ඉක්වදෝරයේ යුවළක් ගිනස් වාර්තා අතරට එක්ව තිබෙනවා.

ජුලියෝ  සීසර් මෝරා හා වෝල්ඩුමිනා මැක්ලොවියා විවාහ වී වසර 79 ක් වන බවයි ඔවුන් සඳහන් කරන්නේ. ජුලියෝගේ වයස වසර 110 ක් වන අතර වෝල්ඩුමිනාට වයස වසර 105 සපිරෙන්නේ එළඹෙන ඔක්තෝම්බර් මාසයටයි. මේ වන විට ඔවුන්ගේ වයස්වල එකතුව වසර 214 ක් සහ දින 358 ක් වන අතර ඒ සමඟම ලොව වයස්ගතම විවාහක යුවළ ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබෙනවා. පාසල් නිවාඩුවක් අතරතුර මුණගැසුණු මොවුන් දෙදෙනා වසර 07 ක ඇසුරකින් පසු විවාහ දිවියට ඇතුළත්ව ඇති බවයි ගිනස් ලෝක වාර්තා කමිටුව සඳහන් කරන්නේ. 1941 වසරේ පෙබරවාරි 07 වන දින ඔවුන් විවාහ දිවියට ඇතුළත්ව ඇති බව  වාර්තා වනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2020 11:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්