බලංගොඩ තලංගම පහලගම නෙත්තිමල වත්ත ගිනිගැනීම හේතුවෙන් අක්කර 250 කට වැඩි භූමි ප්රදේශයක් විනාශ වී තිබෙනවා.
සතුන් දඩයම් කිරීම සඳහා සිදු කරන ගිනි තැබීම් හේතුවෙන් වනාන්තරය මෙසේ විනාශය වී ඇති බවයි ප්රදේශවාසීන් පවසන්නේ. අනවසර ලෙස ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ද ඇතැම් පුද්ගලයින් වනාන්තරයට ගිනි තබන බව සඳහන්. නෙත්තිමලේ වත්ත නිරතන්තයෙන් මෙවැනි ගිනිගැනීම්වලට ලක් වන ප්රදේශයක් බවට ද වාර්තා වනවා. මේ හේතුවෙන් ප්රදේශයේ විවිධ කුරුලු විශේෂ මෙන්ම රිලවුන් ,මුවන් වැනි වන සතුන්ටද සිදු වන්නේ මහත් හානියක්.