ලොව අධිකම වටිනාකමින් යුතු බැටලුවා ස්කොට්ලන්තයේ පැවති වෙන්දේසියකදී අලෙවි කෙරුණා.
වෙන්දේසියේ ලන්සු තැබීම අනුව බැටලුවාට හිමිවූ වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් තුන්ලක්ෂ හැට හත්දහස් පන්සීයක්. එම බැටලුවා නම් කර තිබුණේ ද්විත්ව දියමන්තිය ලෙසයි. මාස 6ක වයසින් යුතු මෙම බැටලුවා වෙන්දේසියට ඉදිරිපත් කෙරුණේ පවුම් දස දහසක මූලික ලන්සුවකටයි. එය පසුව පවුම් තුන්ලක්ෂ හැටහත්දහස් පන්සීයක් දක්වා ඉහළ ගියා. මෙම බැටලු විශේෂය වටිනා ගුණාංග රැසකින් යුක්ත දුර්ලභ වර්ගයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.