ඔබට ගෙයක් රටට හෙටක් වැඩ සටහන යටතේ දිවයින පුරා නිවාස දාහතර දහස් විසි දෙකක් ඉදි කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. වැඩ පිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක බවයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසන්නේ.
ඔබට ගෙයක් රටට හෙටක් ජාතික නිවාස වැඩසටහන යටතේ මීගමුව දළුපත හා කොච්චිකඩේ දළුවා කොටුව ප්‍රදේශ වල ඉදිකළ නිවාස දෙකක් ජනතා අයිතියට පත් කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන්. මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර වර්ෂාව හේතුවෙන් කැඩීබිදී ගිය එප්පාවල පහල හල්මිල්ලෑව වැවෙහි වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන හා රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් සහ ෂෙහාන් සේමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම වැව යටතේ කුඹුරු අක්කර එකසිය හැට දෙකක් වගා කෙරුණු අතර වැව් බැම්ම කැඩී යාමෙන් එම කටයුතු ඇණ හිටියා. මෙම ප්‍රදේශයේ කුඹුරුවල වගා කෙරුණ සෝයා වගාවේ අස්වනු නෙලීමද අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුවුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/KD7JOUEpFS0″]