fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවූ මෝල් චූටි නමැති කාන්තාවක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2020 10:06

කොළඹ උතුර පොලිස් කොට්ඨාසය සිදුකළ මෙහෙයුමකදී ග්‍රෑන්පාස් නවගම්පුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත මෝල් චූටි නමැති කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාව දීර්ඝ කාලයක් හෙරොයින් ජාවාරම්වල නිරතව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඇයගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 20ක් සහ බැංකු පොත් පොලිස් භාරයට ගැනුණා. පසුගිය දින කිහිපය තුළ රුපියල් කෝටියකට ආසන්න මුදලක් ඇය මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සංසරණය කර ඇති බවයි මෙහිදී අනාවරණය වුණේ. කොළඹ උතුරු පොලිස් කොට්ඨාසය මඟින් ප්‍රදේශ කිහිපයක සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතා සඳහන් කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2020 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්