පොපිමල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පැලදවීම සිදුවුණා.
ලෝක සංග්රාම වලදී මියගිය සෙබළුන් සිහි කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය එක්දහස් නවසිය හතලිස් හතර වසරේ සිට වසරක් පාසා පොපි මල් දිනය සංවිධාන කරනු ලබනවා. ඉන් ලැබෙන ආදායම යුද්ධයෙන් මියගිය විරුවන්ගේ පවුල් වල සහ ආබාධිත විරුවන්ගේ සුභ සාධනය සදහායි වැය කෙරෙන්නේ.
මෙවර පොපි මල් දිනය වෙනුවෙන් පළමු පොපි මල ජනාධිපතිතුමාට ජනාධිපති කාර්යාලයේදී පලදනු ලැබුවේ ශ්‍රීලංකා සේවා මුක්ත බට සංගමයේ සභාපති මේජර් ජනරාල් උපුල් පෙරේරා මහතායි.
එම සංගමය කොවිඩ් දහනවය අරමුදල සදහා රුපියල් මිලියනයක පරිත්‍යාගයක්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වූවා.