පසුගියදා සමස්ත දිවයිනටම බලපාන ආකාරයෙන් සිදුවූ විදුලිය බිඳවැටීම පිළිබඳව සොයාබැලීමට පත්කළ කමිටුව ලබා දුන් වාර්තාව විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද(28) පාර්ලිමනේතුවට ඉදිරිපත් කළා.
මෙම විදුලි බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමටත්, එවැනි තත්ත්වයන් නැවත ඇතිවීමේ ප්‍රවණතාවය අවම කිරීමේ ක්‍රියාමාර්ගයන් පිළිබදව හඳුනාගැනීමටත්, මහාචාර්ය රාහුල අතුලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ නියෝජිතයින් නව දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුව අද උදෑසන ජනමාධ්‍ය හමුවේ කරුණු පැහැදිළි කළ බවත් සිදු වූ සෑම කරුණක්ම මෙරට බදු ගෙවන ජනයා දැන ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙවැනි වාර්තා පූර්වාදර්ශයක් ලෙස තමා සභාගත කරන බවද අමාත්‍යවරය කීය.
විදුලිය කළමණාකරණය නොකළොත් ඉදිරියේදී විශාල විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකි බවත් පසුගිය රජය සමයේ අළුතින් විදුලි බල පද්ධතියට කිසිවක් එක් නොවු බවත් අමාත්‍යවරයා කීය.
විදුලි ජනන සැළැස්මක් රටට හඳුන්වා දිය යුතු බවත් එය කැබිනට් මණ්ඩලයට හෝ වෙනස් කළ නොහැකි වන පරිදි සකස් කළ යුතු බවත් අමාත්‍යවරයා කීය. අධික විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් යෝජනාවන් රැසක් ඇති බවත් ඒ අතුරින් වඩාත් සුදුසුම යෝජනාව සහිත සැළැස්ම ඉදිරියේදී ඉදිරිපත් කරන අතර කොළ පාට කණ්ණාඩියකින් ඒ දෙස නොබලා ඒ සඳහා සහය ලබා දෙන්නැයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේය
වසර 2025 දී ඩීසල් වෙනුවෙන් වැය කරන මුදල32% සිට 5% දක්වා අඩු කිරීම මෙහි අරමුණ බවද අමාත්‍යවරයා කීය. ඒ සඳහා පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.